🌐 AI搜索 & 代理 主页

ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

සාරාංශය

  • ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
  • නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
  • දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
  • පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
  • නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
  • ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
  • 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
  • හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117

සජීවී වාර්තාකරණය

  1. ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

    අද (දෙසැම්බර් 10) වන දා පෙරවරු 6.00 වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 639ක් බවත්, අතුරුදන් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771ක් බලපෑමට ලක්ව තිබෙනවා.

    පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 5,350ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 86,882කි. ආරක්‍ෂිත ස්ථාන 878ක මේ වන විට පවුල් 27,145කට අයත් පුද්ගලයින් 86,040ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

  2. 'අපේ නිල සුනඛයන් ස්ථාන දෙකක් පෙන්නුවා , අපි ඒ තැන් හාරලා මළ සිරුරු දෙකක් සොයා ගත්තා.'

    වීඩියෝ ශීර්ෂ වැකිය, 'අපේ නිල සුනඛයන් ස්ථාන දෙකක් පෙන්නුවා , අපි ඒ තැන් හාරලා මළ සිරුරු දෙකක් සොයා ගත්තා.' - ඉන්දීය සහන සේවා කණ්ඩායම බීබීසී සිංහල සමග කතා බහක
  3. ආපදාවලින් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රු. 25,000ක්

    ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවෙකු වෙනුවෙන් ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක මුදලක් ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

  4. ගංවතුරත් සමග පැතිර යන මී උණෙන් ආරක්ෂා වීමට ඔබට කළ හැක්කේ මොනවා ද?

    අවදානම් කාණ්ඩ මොනවා ද?

    People who are in risk

    රෝග ලක්ෂණ මොනවා ද?

    Symptoms

    කළ යුත්තේ කුමක් ද?

    What steps should take.
  5. දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක මොනවා ද?

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති පරිපාලන දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 22කට බලපෑම් සිදුව ඇතැයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ එම දිස්ත්‍රික්ක 'ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ' ලෙස නම් කර තිබෙනවා.

    ඒ අනුව, ව්‍යසනයේ බලපෑමට ලක් නොවූ දිස්ත්‍රික්ක ඇත්තේ 3ක් පමණයි.

    ඒ, දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක යි.

    බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක අතර මහනුවර, නුවරඑළි, බදුල්ල, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, ගම්පහ, මුලතිව්, අනුරාධපුර, කොළඹ, යාපනය, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, රත්නපුර, මොණරාගල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, වවුනියාව සහ කළුතර යන දිස්ත්‍රික්ක තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.

  6. ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ඇපල් සමාගමේ සහය

    ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ සුළි කුණාටු හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහන සැලසීමට සහ නැවත ඉදි කිරීම් සිදු කිරීමට අවශ්‍ය ආධාර ලබා දීම සිදු කරන බව ඇපල් සමාගම පවසනවා.

    එහි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් Xහි සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

    Skip X post
    X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

    මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

    අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

    End of X post

  7. ශ්‍රී ලංකාවට විදෙස් රටවලින් මේ දක්වා ලැබී ඇති ආධාර මොනවා ද?

    Aids

    ඡායාරූප මූලාශ්‍රය, MEA India

    ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට මිත්‍ර රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වෙමින් තිබෙනවා.

    ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පළමුවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත් වූයේ, ඉන්දියාව සහ පකිස්ථානය යි.

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් ද ආධාර රැගත් ගුවන් යානා 4ක් පැමිණි අතර ඒ ගැන වැඩිදුර තොරතුරු මෙම ලිපියෙන් කියවන්න.

  8. 'නැවත දැනුම් දෙන තුරු රුධිර කඳවුරු එපා': රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

    නැවත ඉල්ලීමක් කරන තුරු විශාල ප්‍රමාණයේ රුධිර කඳවුරු සංවිධානය නොකරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඔහු පවසන්නේ, ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කළ හෙයින් මේ වන විට සති දෙකකට ප්‍රමාණවත් රුධිරය ගබඩා කර ඇති බව ය.

    වීඩියෝ ශීර්ෂ වැකිය, රුධිර සංචිත ප්‍රමාණය මේ වන විට 20,000 ඉක්මවා ඒකරාශී කරගන්න හැකි වෙලා තියනවා
  9. ආසියාවට බලපෑ ගංවතුරෙන් විපතට පත් වූවන්ට බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ශෝකය පළ කරයි

    ගංවතුරින් විපතට පත් වූ දකුණු ආසියාවේ සහ අග්නදිග ආසියානු ජනයාට බ්‍රිතාන්‍යය��� III චාල්ස් රජු ශෝකය පළ කර තිබෙනවා.

    සිය X ගිණුමේ විශේෂ නිවේදනයක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ඇති වූ දරුණු කුණාටු නිසා සිදු වූ විනාශය ගැන දැනගත් විට ඔහු සහ බිරිඳ දැඩි ලෙස කණගාටුවට පත් වූ බව යි.

    "ජීවිත හා ජීවනෝපායන් මෙතරම් ගැඹුරින් බලපෑමට ලක් වූ සියලු දෙනා මුහුණ දුන් විනාශයේ පරිමාණය සහ වේදනාව කොතරම් දැවැන්ත ද යත් එය අපට තේරුම් ගත හැකි ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩිය.

    ඛේදජනක ලෙස ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට අපගේ හදපිරි ශෝකය ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු," එහි තවදුරටත් සඳහන් වුණා.

    එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    Announcement by the king III Charles

    ඡායාරූප මූලාශ්‍රය, The Royal Family / X

  10. දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ

    ජලගැලීම් ඇති වූ දිස්ත්‍රික්ක

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 22කට බලපෑම් සිදුව ඇතැයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුර කියවන්න මෙතැනින් සම්පූර්ණ ලිපිය වෙත පිවිසෙන්න.

  11. ආපදා මරණ ගණන 474ක්: 356 දෙනෙක් අතුරුදන්

    අද පෙරවරු 10:00 වන විට මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 356ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

    මේ අතර, පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919 දෙනෙකු සංඛ්‍යාව පීඩාවට පත්ව තිබෙනවා.

    නිවාස 783ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර, නිවාස 31,417ක් අර්ධ වශයෙන් හානිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

  12. ආපදා මරණ සංඛ්‍යාව 410 දක්වා ඉහළට

    සුළි කුණාටුව නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අද දින දහවල් 10.00 වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 410ක් බවත්, අතුරුදන්ව ඇති සංඛ්‍යාව 336ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

    මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 88 ක් වාර්තා වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ මරණ 82ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක් සහ කුරුණෑගලින් මරණ 52ක් වාර්තා වී ඇත.

    ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 407,594 කට අයත් පුද්ගලයින් 1,466,615ක පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

  13. ශ්‍රී පාද වන්දනාවට සැරසෙන ඔබට දැනුම් දීමක්

    Adam's Peak

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කර ඇතැයි පොලීසිය පවසනවා.

    මහගිරිදඹ, ඇහැළ කණුව ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම නිසා පසුගිය දිනවල මාර්ගය අවහිර වී තිබුණා.

    ඊයේ (දෙසැම්බර් 01) සවස් කාලය වන විට මාර්ගයේ තිබූ පස් ඉවත් කර තිබුණා.

    එලෙසින් ම නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව දක්වා මාර්ගයට කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීම ද අවසන් කර තිබෙනවා.

    මෙවර ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පෝය දිනයෙන් (දෙසැම්බර් 04) ආරම්භ වීමට නියමිතයි.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසන්නේ භූ විද්‍යඥයින් කණ්ඩායමක් එම ස්ථානය අද නිරීක්ෂණය කිරීමට නියමිත බවයි.

    දැනට ලැබී ඇති තොරතුරු අනුව එය අවදානම් තත්ත්වයක් නොවන බව ඔවුන් පවසනවා.

    වීඩියෝ ශීර්ෂ වැකිය, "නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව දක්වා මාර්ග අවහිරතා ඉවත් කර අවසන්"
  14. ආපදා මරණ ගණන 390ක් දක්වා ඉහළට

    ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

    පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන් වී තිබේ. පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

    එම මධ්‍යස්ථානය අද ප.ව. 6:00 නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආපදා හේතුවෙන් නිවාස 432ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි.

  15. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදයක්

    Narendra Modi and Anura Kumara Dissanayake

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉන්දිය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකතන සංවාදයක නිරතව තිබුණා.

    එහිදී දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ පුළුල් විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර තිබෙනවා.

    මෙම උදව් අවශ්‍ය අවස්ථාවේදී ඉන්දීය ජනතාව, ශ්‍රී ලංකාවේ ජනතාව සමග ස්ථිර සහයෝගිතාවයෙන් සිටින බව අගමැති මෝදි ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

    ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතඥතාව පළ කර ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළ බව ද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

    විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය දක්වන බවට අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායකට සහතික වී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

    ඉන්දියාවේ මහාසාගර්හි දැක්ම සහ ‘පළමු ප්‍රතිචාරකයා’ ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු, මහජන සේවා නැවත ආරම්භ කිරීම සහ බලපෑමට ලක් වූ කලාපවල ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට ඉදිරි දිනවලදී ඉන්දියාව අවශ්‍ය සියලු සහය ලබා දෙන බවට ද අගමැති මෝදි සහතික වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවා.

    සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට නායකයින් දෙදෙනා එකඟ වූ බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

  16. ආපදා මරණ ගණන 366ක් දක්වා ඉහළට

    ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 366ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

    අතුරුදන් ගණන 367කි. ආපදා හේතුවෙන් පවුල් 316,366ක පුද්ගලයින් 1,151,776ක් පීඩාවට පත්ව තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද ප.ව. 12:30ට නිකුත් කළ වාර්තාව අනුව, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් වැඩි ම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

    එම ගණන 88ක් ලෙස සටහන් වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන් ගණන 150කි.

    බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක් වාර්තා වී තිබෙනවා.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 37ක් වාර්තා වී ඇති අතර ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 22ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

  17. සුළි කුණාටු නිසා ඉන්දුනීසියාව සහ තායිලන්තයටත් බලපෑම්: ප්‍රබල වීමට හේතුව දේශගුණික විපර්යාස ද?

    ඉකුත් දින කිහිපය තුළ ආන්තික කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ශ්‍රී ලංකාව පමණක් නොවේ.

    ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව ද එහි ගොදුරු බවට පත් වුණා. දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට ද සෙන්යාර් සුළි කුණාටුව නිසා ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය ද කෝටෝ සුළි කුණාටුව නිසා වියට්නාමයට සහ පිලිපීනයට ද බලපෑම් එල්ල වුණා.

    ඉන්දුනීසියාවේ සිටින බීබීසී වාර්තාකරුවන් සඳහන් කළේ, එරට ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පුද්ගලයින් 440ට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මාර්ග සහ පාලම්වලට සිදුව ඇති හානි හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව යි.

    තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

    මෙම කුණාටු ඇති වීමට හේතුව තේරුම් ගැනීමට බීබීසී ජ්‍යෙෂ්ඨ වාර්තාකරු ශ්‍රුති මෙනන් එක්සත් රාජධානියේ රීඩින්ග් විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥයෙකු වන ආචාර්ය අක්ෂේ ඩෝරස් සම්බන්ධ කර ගත්තා.

    මෙම කුණාටු ත්‍රිත්වය එකවර ඇති වීම අසාමාන්‍ය ලෙස පෙනුණත් කාලය සම්බන්ධයෙන් ගත් ක බෙංගාල බොක්ක සහ බටහිර උතුරු පැසිෆික් කලාපය යන දෙකට ම එය එසේ නොවන බව යි.

    නමුත් කැපී පෙනෙන දෙය නම්, මෙම පද්ධති තුන ම සාමාන්‍යයෙන් බලවත් කුණාටු ජනනය කරනු ඇතැයි අපේක්ෂා නොකරන තත්ත්වයන් යටතේ නිර්මාණය වීම යැයි ඔහු සඳහන් කළා.

    මෙවැනි කුණාටු නිතර ඇති නොවන නමුත්, දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර උණුසුම් වීම නිසා ඒවා වඩාත් බලවත් වීමේ අවස්ථා වැඩි වන බව ආචාර්ය ඩෝරස් අවධාරණය කළා.

  18. ආපදා මරණ ගණන 355ක් දක්වා ඉහළට

    ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 366 දෙනෙකු අතුරුදන්ව ඇති බව යි.

    ආපදා හේතුවෙන් පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860 දෙනෙක් පිඩාවට පත්ව සිටිනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙ.ව. 9:00ට නිකුත් කළ වාර්තාව අනුව වැඩි ම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

    එම ගණන 88ක් ලෙස සටහන් වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන් ගණන 150කි.

    බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක් වාර්තා වී තිබෙනවා.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 37ක් වාර්තා වී ඇති අතර ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 12ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

  19. චුණ්ඩිකුලම්හිදී ආපදා මෙහෙයුම්වල නිරතව සිටි නාවික සෙබළුන් 5 දෙනෙකු තවදුරටත් අතුරුදන්

    Sri Lanka Navy

    ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

    කිලිනොච්චි, චුණ්ඩිකුලම් ප්‍රදේශයේ ජලගැලීම් ආපදා මෙහෙයුම්වල නිරතව සිටි නාවික හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව පොලිසිය තහවුරු කළේ ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඒ පිළිබඳව නාවික හමුදා ප්‍රකාශකවරයා තහවුරු කළ බව ය.

    එලෙස අතුරුදන් වී ඇත්තේ, ඩබ්ලිව්.වී.ඩී.ඒ.ඩී. වෑවිට, ඩී.එම්.කේ.එම්. දිසානායක, එස්.ආර්. ශානක, ඩබ්ලිව්.පී.එල්.එල්. වික්‍රමරත්න සහ ඩබ්ලිව්.ජී.කේ.ඩී. වික්‍රමසිංහ යන නාවික හමුදා සාමාජිකයින් පස් දෙනෙකි.

  20. 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති

    වීඩියෝ ශීර්ෂ වැකිය, ජනපති ජාතිය අමතා කළ ප්‍රකාශය

    ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ "එදා මෙදාතුර විශාලත ම ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සහ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයට යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. "අපට ඉදිරියට මුහුණ දීමට සිදුවන්නේ එදා මෙදාතුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයට බව අප සිහිපත් කළ යුතු වෙනවා. විනාශයේ තරම ගැන අනුමාන තක්සේරුව එතරම් ම බරපතළයි," ඔහු පැවසුවා.

    තවදුරටත් ඔහු සඳහන් කළේ, ස්වභාවික විපත් සහ ආපදා ඇති වීම පාලනය කිරීමට නොහැකි වූ විට ඇතිවන විපත් සහ හදිසි ආපදා නිසි අයුරින් කළමනාකරණය කිරිම, නැවත යථා තත්ත්වයට හෝ පෙර තත්ත්වයට වඩා දියුණු තත්ත්වයකට ගොඩනැගීම යන ත්‍රිවිධ ක්‍රියාවලියේ ම වැදගත්කම ආණ්ඩුව සතු වන බවයි.

    "ඒ වෙනුවෙන් ගත යුතු සහ ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග මොන තරම් දුෂ්කර තත්ත්වයකදී වුවත් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසුවා.

    "සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි. කුඩා ස්වයං රැකියාවේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා ද, සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ද මේ සියලු ක්ෂේත්‍ර තමන්ගේ ආදායම් අහිමි වීම්, තමන්ගේ කර්මාන්ත කඩා වැටීමේ අනතුරකට මුහුණ දී සිටිනවා. ඒ වගේ ම කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය මේ ආදී ක්ෂේත්‍ර විශාල බිඳ වැටීමකට ලක් වී තිබෙනවා. ඒ නිසා මෙම ක්ෂේත්‍ර ඉතා වේගයෙන් නගාසිටුවීමට අපිට වේගවත් සැලැස්මක් අවශ්‍යයි," ජනාධිපතිවරයා අවධාරණය කළා.