ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂීය සැලැස්මක් දියත් කරයි
"ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 25%ක පමණ ප්‍රමාණයක් දරිද්‍රතාවට මුහුණ දී සිටිනවා. ඔවුන්ට සහන සැලසීම සිදුකළ යුතු යි. මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකමුතුකම සහ පරිත්‍යාගශීලිත්වය මම දැක්කා. මම ඇත්තට ම ඒක අගය කරනවා. සමහර විට මගේ ම රටේ මේ වගේ තත්ත්වයක් ඇති වුණත් මේ වගේ ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයක් දකින්න ඉඩක් නැති වෙන්න පුළුවන්."
දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ ප්‍රදේශවලට ඊසාන දිග මෝසමෙන් වැසි: දැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?
මෙහි සුවිශේෂී කරුණක් වන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි ඊසාන දිග මෝසම් වැසි ද දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ ප්‍රදේශවලට ම වැඩි වශයෙන් ඇති වීම ය. දිවයිනට බලපා ඇති ඊසාන දිග මෝසම් තත්ත්වය දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාස තුන පුරා පැවතිය හැකි අතර එම කාලය තුළ කාලගුණ තත්ත්වය සහ ඉන් විය හැකි බලපෑම පිළිබඳව බීබීසි සිංහල සේවය සොයා බැලීමක් සිදු කළේ ය.
අම්බුළුවාවට එරෙහිව ආණ්ඩුව දුන් නිර්දේශයට අභියාචනාධිකරණයෙන් තාවකාලික තහනමක්
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වන දා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
වීඩියෝ, 'මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොලාම එකට ගැට ගහන්න, ගහගෙන ගියොත් අපි 29 දෙනාම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.', ධාවන කාලය 4,06
‘මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොලාම එකට ගැට ගහන්න, ගහගෙන ගියොත් අපි 29 දෙනාම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.’
උතුරු ඉන්දියාවට 2013දී ඇතිවූ ගංවතුරෙන් 'මියගියා යැයි' සිතූ පුද්ගලයෙක් වසර ගණනකට පසු පූනේහි මානසික රෝහලකින් හමුවෙයි
2013 දී කේදර්නාත් ගංවතුරෙන් ගසාගෙන ගොස් මියගිය බවට වාර්තා වූමෙම පුද්ගලයා මිය ගිය බවට ප්‍රකාශ කළ අතර පසුව ඔහුගේ පවුලේ අය සංකේතාත්මක අවමංගල්‍යයක් සහ ශ්‍රද්ධා සිදු කළ ඇත. නමුත් දැන් ඔහු ජීවතුන් අතර සිටියදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් සොයාගෙන තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
ජලගැලීම් සහ අධික වර්ෂාව නිසා විනාශ වූ ඔබේ අත්‍යවශ්‍ය ලේඛන යළි ලබා ගන්නේ කෙසේ ද?
සුළි සුළං සහ අධික වැසි හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට ඉතිරි වූයේ, ඇඳිවත පමණි. ඇතැමුන්ට තම ජීවිත කාලය පුරා ම උපයා ගත් බොහෝ දේ මෙන් ම හිසට සෙවණ දුන් නිවෙස් ද අහිමි විය. එලෙස අහිමි වූ අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් තිබේ. ඒ අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, රියැදුරු බලපත්‍රය සහ රථවාහන ලියාපදිංචි සහතික (වාහනයේ පොත) වැනි වැදගත් ලේඛන කිහිපයක් වේ.
ඔබ නරඹන වීඩියෝව AI වීඩියෝවක් ද යන්න හඳුනාගත හැකි ප්‍රධාන ලකුණු
ඩිජිටල් තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා තාක්‍ෂණ සමාගම් ද නව ප්‍රමිතීන් සඳහා කටයුතු කරමින් සිටී. මූලික වශයෙන්, රූගත කළ මොහොතේ ම එය සැබෑ බව ඔප්පු කිරීමට උපකාරී වන තොරතුරු ඇතුළත් කළ හැකි ය. ඒ ආකාරයෙන් ම, AI මෙවලම් මගින් ඒවා ව්‍යාජ බව ඔප්පු කිරීමට ඔවුන්ගේ වීඩියෝ සහ රූපවලට ස්වයංක්‍රීයව සමාන විස්තර එක් කළ හැකි ය. ස්ටෑම් සහ තවත් අය පවසන්නේ, මෙම උත්සහයන් උපකාරී විය හැකි බව ය.
ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ව්‍යසනය හමුවේ මහජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර තිබේ.
දරුණු ගංවතුරෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බලපෑම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින්
'දිට්වා' සුළි කුණාටුව සමග ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගංවතුරෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී තිබේ. ගංවතුරට පෙර ප්‍රධාන ගංගා ද්‍රෝණි පැවති ආකාරය සහ ගංවතුරෙන් පසු පැවති තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය, දෘශ්‍ය හා දත්ත ජනමාධ්‍ය කණ්ඩායම සමග චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් විශ්ලේෂණය කර බැලීය.
රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ: හදිසි අවස්ථා තත්ත්වයක් යනු කුමක් ද?
මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා පවසයි. බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේ ය. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.