දිට්වා සුළි කුණාටුවෙන් පසු ලූල්කඳුර වතුයායට බීබීබීය කළ සංචාරය : 'ඔක්කොම 13 දෙනෙක් මේ හට් එකේ ඉන්නවා'
දිට්වා සුළි කුණාටුවෙන් පසු ලූල්කඳුර වතුයායට බීබීබීය කළ සංචාරය : 'ඔක්කොම 13 දෙනෙක් මේ හට් එකේ ඉන්නවා'
තෛපොංගල් උත්සවයට පසු දා, එනම් දිට්වා සුළි කුණාටුවෙන් දින 50කට පසු බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීහු මහනුවර, ලූල්කඳුර වතුයායේ අපගෝනාව ගම්මානයේ සංචාරයක නිරත වූහ.
ඒ, නායයාම් නිසා සිය නිවාසවලින් ඉවත්ව වෙනත් ස්ථානයක තාවකාලික නිවාසවල වෙසෙන මලෙයියහ ප්‍රජාවට අයත් පවුල් 72ක් පිළිබඳව සොයා බැලීම සඳහා යි.
එදිනෙදා ජීවිතය අසීරුවෙන් ගත කරන ඔවුන් පසුවන්නේ, හෙට දවස ගැන අවිනිශ්චිත හැඟීමකිනි.
නිෂ්පාදනය, කැමරාකරණය සහ සංස්කරණය : සිදේශ් අනුරංග
පිටපත : ඉෂාරා ධනසේකර
කේෂ්ත්‍ර සහාය : රොෂාන් චතුරංග









