අවදානම් නොතකා සිය අසල්වැසියන් සොයා වෙහෙසෙන ගම්වාසීන්: 'මේ ළමයව පැයකට ඉස්සෙල්ලා බේර ගන්න තිබ්බා'
අවදානම් නොතකා සිය අසල්වැසියන් සොයා වෙහෙසෙන ගම්වාසීන්: 'මේ ළමයව පැයකට ඉස්සෙල්ලා බේර ගන්න තිබ්බා'
අවවාදයයි : මෙම වීඩියෝවේ අතිශය සංවේදී දර්ශන සහිතයි
පසුගිය සතියේ ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදු වූ නාය යෑමකට හසුව තිබූ පුද්ගලයන් මුදා ගැනීමට කණ්ඩායම් නොපැමිණ තිබූ නිසා ඔවුන් සොයා අවට ගම්වාසීන් කිලෝමීටර් 15ක දුරක් ගෙවා පා ගමනින් දෙසැම්බර් 30 වැනි දා සවස 3ට පමණ එහි ළඟා වී තිබුණි.
පැවති අධික වර්ෂාව හා කැඩී ගිය එක් නිවසක එල්ලී තිබූ කොන්ක්‍රීට් ආවරණයේ අනතුර ද නොතකා එහි මිය ගොස් සිටි සිය මිත්තණිය අසළ ඒ වන විටත් ජීවතුන් අතර සිටි ඇයගේ පහළොස් හැවිරිදි මුණුපුරා බේරා ගැනීමට අසල්වැසියන් විසින් පැය ගණනක පරිශ්‍රමයක් ගත්ත ද පස් කන්දට යට වී තිබූ ඔහුගේ ශරීරයේ යට කොටස ඉහළට ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර පසුව ඔහු ජිවිතක්ෂයට පත්විය.









