ඔබ නරඹන වීඩියෝව AI වීඩියෝවක් ද යන්න හඳුනාගත හැකි ප්‍රධාන ලකුණු

Screen-grabs of AI videos

ඡායාරූප මූලාශ්‍රය, Screen-grab / Facebook

    • Author, ��ෝමස් ජර්මෙයින්

ඔබේ සමාජ මාධ්‍ය වේදිකා AI වීඩියෝ විසින් අත්පත් කර ගනු ලැබ ඇත. ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට ඔබට සහය විය හැකි එක් ලකුණක් තිබේ - එය නොපැහැදිලි, දුර්වල තත්ත්වයේ වීඩියෝවක් ලෙස ඔබට පෙනෙනවා ද?

එසේ නම්, ඔබ ඊට අසුවීමට ආසන්න ය. ඔබ දැනටමත් එසේ කර ඇ���ි. පසුගිය මාස හය තුළ, AI වීඩියෝ උත්පාදක යන්ත්‍ර කොතරම් සාර්ථක ද කිවහොත්, කැමරා සමග අපගේ සම්බන්ධතාව අවසන් වීමට ආසන්න තත්ත්වයක පවතී. ඊට නිදසුන් සපයන හොඳ ම සිද්ධිය මෙය යි: ඔබ දකින සෑම දෙයක් ගැන ම ප්‍රශ්න කිරීම ඔබට එපා වන විට, ඔබ නැවත නැවතත් රැවටෙනු ඇත. අනාගතය ශුභවාදීව පිළිගනිමු.

එහෙත් දැනට, අවධානය යොමු කළ යුතු අඩුපාඩු කිහිපයක් තිබේ. එකක් කැපී පෙනේ. ඔබ නොපැහැදිලි දර්ශන දුර්වල තත්ත්වයේ වීඩියෝවක් දුටුවහොත් ඔබ නරඹමින් සිටින්නේ AI වීඩියෝවක් බවට අනතුරු ඇඟවීමේ සීනු ඔබේ හිසෙහි නාද විය යුතු ය.

"අපි මුලින් ම බලන දේවල්වලින් එකක් තමයි ඒක," ඩිජිටල් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු සහ GetReal Security නම් deepfake අන්තර්ගත හඳුනා ගැනීමේ සමාගමේ නිර්මාතෘ, බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්ය හැනි ෆරීඩ් පවසයි.

කනගාටුදායක සත්‍යය නම් AI වීඩියෝ මෙවලම් අවසානයේ තවත් දියුණු වනු ඇති අතර, මෙම ලිපිය මගින් දෙන උපදෙස නුදුරු කාලයකදී ම නිෂ්ඵල වනු ඇත. එය මාස කිහිපයකින් සිදුවිය හැකි ය, නැතහොත් වසර ගණනාවක් ගත විය හැකි ය. කාලය ගැන කීම අසීරු ය! නමුත් ඔබ මා සමග මිනිත්තුවක් සියුම් ලෙස විමසා බැලුවහොත්, ඔබ සත්‍යය ගැන සිතන ආකාරය වෙනස් කිරීමට ඉගෙන ගන්නා තෙක් මෙම ඉඟිය හරහා ඔබට AI කුණු කූඩයෙන් ඉවත් විය හැකි ය.

අපි පැහැදිලි කර ගනිමු. මෙය සාක්ෂියක් නොවේ. AI වීඩියෝ දුර්වල ලෙස පෙනෙන්නට ඇති ඉඩකඩ අඩු ය. හොඳ ම AI මෙවලම් මගින් ලස්සන, දීප්තිමත් වීඩියෝ ලබා දිය හැකි ය. ගුණාත්මකභාවයෙන් අඩු සෑම වීඩියෝවක් ම අනිවාර්යයෙන් ම AI විසින් සාදන ලද්දක් නොවේ. "ඔබ ඇත්තට ම ගුණාත්මක බවින් අඩු දෙයක් දුටුවහොත් එය ව්‍යාජ එකක් බව අදහස් වෙන්නෙ නෑ. අපැහැදිලි වීඩියෝ AI වීඩියෝ නොවන බවත් එයින් අදහස් කරන්නේ නෑ," ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩ්‍රෙක්සල් විශ්වවිද්‍යාලයේ බහුමාධ්‍ය සහ තොරතුරු ආරක්ෂක විද්‍යාගාරයේ මහාචාර්යවරයෙකු සහ ප්‍රධානියෙකු වන මැතිව් ස්ටෑම් පවසයි.

අවම වශයෙන්, දැනට, නොපැහැදිලි AI වීඩියෝ ඔබව රැවටීමට වැඩි ඉඩක් ඇති ඒවා බව පිළිගත හැකි ය. එය ඔබ නරඹන වීඩියෝව සත්‍ය එකක් ද? AI වීඩියෝවක් ද? යන්න සමීපව විමසා බැලීමට අවශ්‍ය විය හැකි බවට ලකුණකි.

AI තවමත් වීඩියෝවලට විකෘති දේ එකතු කරයි, නමුත් ඒවා හඳුනා ගැනීම දුෂ්කර වෙමින් පවතී. වීඩියෝවක් අඩු ගුණාත්මකභාවයකින් යුක්ත වූ විට, ඔබට එහි අඩුපාඩු මග හැරීමට ඉඩ තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, AI තවමත් වීඩියෝවලට විකෘති දේ එකතු කරයි, නමුත් ඒවා හඳුනා ගැනීම දුෂ්කර වෙමින් පවතී. වීඩියෝවක් අඩු ගුණාත්මකභාවයකින් යුක්ත වූ විට, ඔබට එහි අඩුපාඩු මග හැරීමට ඉඩ තිබේ

"[Google හි] Veo සහ OpenAI හි Sora වැනි ප්‍රමුඛ වීඩියෝ උත්පාදක යන්ත්‍ර තවමත් කුඩා නොගැලපීම් ඇති කරනවා," ෆරීඩ් පවසයි. "නමුත් එය අතක ඇඟිලි හයක් හෝ විකෘති තොරතුරු වැනි පැහැදිලිව පෙනෙන දෙයක් නොවේ. ඒක ඊට වඩා සියුම්."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වර්තමානයේ ඇති දියුණු ම මාදිලිවලින් පවා බොහෝවිට සිනිඳු සමේ වයනය, හිසකෙස් සහ ඇඳුම්වල අමුතු හෝ වෙනස් වන රටා, හෝ කළ නොහැකි හෝ යථාර්ථවාදී නොවන ආකාරයෙන් චලනය වන කුඩා පසුබිම් වස්තූන් වැනි දුර්වලතා දැකිය හැකි ය. මේ සියල්ල මග හැරීමට පහසු වුව ද, පින්තූරය පැහැදිලි වන තරමට, ඔබට එම AI දෝෂ දැකීමට ඇති ඉඩකඩ වැඩි ය.

අඩු ගුණාත්මකභාවයෙන් යුත් වීඩියෝ වෙත ජනතාව මෙතරම් ආකර්ෂණීය වන්නේ එහෙයිනි. උදාහරණයක් ලෙස, පැරණි දුරකතනයකින් හෝ CCTV කැමරාවකින් රූගත කළාක් මෙන් පෙනෙන දෙයක් ඔබ AI වෙතින් ඉල්ලා සිටින විට, දුර්වල තත්ත්වයේ වීඩියෝවක් ලෙස හඳුනාගත හැකි ලකුණු සැඟවිය හැකි ය.

පසුගිය මාස කිහිපය තුළ, ඉහළ පෙළේ AI වීඩියෝ කිහිපයකට විශාල පිරිසක් රැවටුණහ. ඒ සියල්ලට ම පොදු දෙයක් තිබුණා. වල් හාවුන් ට්‍රැම්පොලීන් එකක් (කරණම් ගැසීමට භාවිත කරන රාමුවක සවි කළ කැන්වස් රෙද්ද) මතට පනින ආකාරය දැක්වෙන ව්‍යාජ නමුත් රසවත් වීඩියෝවක් TikTokහි මිලියන 240කට අධික වාර ගණනක් නරඹා තිබිණි.

නිව් යෝර්ක් උමං මාර්ගයකදී ආදරයෙන් බැඳෙන දෙදෙනෙකුගේ වීඩියෝ පටයකට මිලියන ගණනක් ඉන්ටර්නෙට් ආදරවන්තයෝ "Like" බොත්තම ඔබා, එය ව්‍යාජ එකක් බවට පත්වූ විට එම බලාපොරොත්තු සුන්වීමට ම මුහුණ දුන්හ. ඇමෙරිකානු පූජකවරයෙකු කොන්සර්වේටිව් පල්ලියක පුදුමසහගත ලෙස වාමාංශික දේශනයක් පවත්වන ආකාරය දැක්වෙන වෛරස් වීඩියෝවකට මම පෞද්ගලිකව ආකර්ෂණය විය.

"අපි බිය විය යුතු එක ම සුළුතරය බිලියනපතියන් පමණයි," ඔහු බෙරිහන් දෙමින් පවසයි. "ඔවුන්ට මේ රට විනාශ කිරීමට බලය තිබෙනවා!" මම මවිතයට පත් වුණා. අපේ දේශපාලන සීමාවන් ඇත්තට ම එතරම් බොඳ වී තිබේ ද? නැහැ. ඒක තවත් AI වීඩියෝ එකක් පමණයි.

මේ හැම වීඩියෝ එකක ම දර්ශන දුර්වල බව පෙනිණි. AI හාවෝ? රාත්‍රියේ රූගත කරන ලද බාල CCTV කැමරා දර්ශන ලෙස ඉදිරිපත් කර තිබිණි. උමං මාර්ගයේ යුවළ? බොඳ වූ දර්ශනවලින් යුක්ත ය. ඒ මනඃකල්පිත දේශකයා? වීඩියෝව ඕනෑවට වඩා විශාලනය කර ඇති බව පෙනේ. ඒ වීඩියෝ හඳුනාගත හැකි වෙනත් ලක්ෂණ ද ඇති බව පෙනේ.

"සෙවිය යුතු දේවල් තුන නම් පික්සල් ප්‍රමාණය (resolution), ගුණාත්මකභාවය (quality) සහ වීඩියෝවේ දිග (length) ප්‍රමාණය යි," ෆරීඩ් පවසයි. දිග තමයි පහසුම. "බොහෝ දුරට, AI වීඩියෝ ඉතා කෙටි යි, අපි TikTok හෝ Instagramහි දකින සාමාන්‍ය වීඩියෝවලට වඩා කෙටි යි, ඒවා තත්පර 30 සිට 60 දක්වා පමණ දිග යි. මට සත්‍යාපනය කිරීමට ලැබෙන වීඩියෝවලින් අතිමහත් බහුතරයක් තත්පර හයක්, අටක් හෝ 10ක් තමයි දිග." AI වීඩියෝ ජනනය කිරීම මිල අධික හෙයින්, බොහෝ මෙවලම් කෙටි ක්ලිප් සමග උපරිම ලෙස භාවිත කරයි. ඊට අමතරව, AI වීඩියෝවක් දිගු වන තරමට, ගුණාත්මකභාවය අඩු වීමට ඇති ඉඩකඩ වැඩි ය. "ඔබට AI වීඩියෝ කිහිපයක් එකට එකතු කරන්න පුළුවන්, ඒත්, සෑම තත්පර අටකට වරක් හෝ ඊට වැඩි කාලයක් වීඩියෝව ගැස්සීමක් ඔබට පේනවා."

AI

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඩිජිටල් තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා තාක්‍ෂණ සමාගම් ද නව ප්‍රමිතීන් සඳහා කටයුතු කරමින් සිටී. මූලික වශයෙන්, රූගත කළ මොහොතේ ම එය සැබෑ බව ඔප්පු කිරීමට උපකාරී වන තොරතුරු ඇතුළත් කළ හැකි ය. ඒ ආකාරයෙන් ම, AI මෙවලම් මගින් ඒවා ව්‍යාජ බව ඔප්පු කිරීමට ඔවුන්ගේ වීඩියෝ සහ රූපවලට ස්වයංක්‍රීයව සමාන විස්තර එක් කළ හැකි ය. ස්ටෑම් සහ තවත් අය පවසන්නේ, මෙම උත්සහයන් උපකාරී විය හැකි බව ය.

ඩිජිටල් සාක්ෂරතා විශේෂඥ මයික් කෝල්ෆීල්ඩ්ට අනුව, සැබෑ විසඳුම නම්, අප සියලු දෙනා ඉන්ටර්නෙට් හරහා දකින දේ පිළිබඳව වෙනස් ලෙස සිතීමට පටන් ගැනීම යි. AI ඉතිරි කරන ඉඟි සෙවීම "කල් පවතින" උපදෙසක් නොවේ, මන්ද එම ඉඟි නිරන්තරයෙන් වෙනස් වන බව ඔහු පවසයි. ඒ වෙනුවට, වීඩියෝ හෝ රූප සන්දර්භයෙන් පිටත ඕනෑ ම දෙයක් අදහස් කරන බවට වන අදහස අප අතහැර දැමිය යුතු බව කෝල්ෆීල්ඩ් පවසයි.

"මගේ දෘෂ්ටිකෝණය අනුව බොහෝදුරට වීඩියෝ දිගු කාලීනව ලියවිල්ලක් වගේ වෙන්න පුළුවන්. එහිදී මතුපිට ලක්ෂණ නොව සම්භවය [වීඩියෝවේ ආරම්භය] වඩාත් ව���දගත් වනු ඇති අතර, අපි ඒ සඳහා සූදානම් විය යුතු යි," කෝල්ෆීල්ඩ් පවසයි.

කවුරුහරි ලියපු නිසා ම ඒක ඇත්ත කියලා ඔයා කවදාවත් හිතන්නේ නැහැ, ඒක ඇත්ත කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ තොරතුරුවල මූලාශ්‍රය හොයලා බලන්න. කලින් වීඩියෝ සහ රූප වෙනස් වුණා, මොක ද ඒවා ව්‍යාජ ලෙස සකස් කරන්න සහ හැසිරවීමට අමාරු යි. දැන් ඒක ඉවර යි. දැන් වැදගත් වෙන්නේ අන්තර්ගතයේ කොටසක් ආවේ කොහෙන් ද?, ඒක පළ කළේ කවු ද?, සන්දර්භය මොකක් ද? සහ ඒක විශ්වාසදායක මූලාශ්‍රයක් මගින් සත්‍යාපනය කර තිබේ ද? කියන එක විතරයි. ප්‍රශ්නය තමයි අපි හැමෝම ඒ කාරණය ගැන අවධානයක් දෙන්නේ කවදා ද? කියන එක.

"පුළුල් විදිහට බැලුවොත්, මම හිතන්නේ මේක 21 වන සියවසේ ලොකු ම තොරතුරු ආරක්ෂණ අභියෝගය කියලා," ස්ටෑම් පවසයි. "නමුත් මේ ගැටලුව අවුරුදු කිහිපයක් විතර යි පැරණි. එය විසඳීමට වැඩ කරන පුද්ගලයින් සංඛ්‍යාව සාපේක්ෂව කුඩා නමුත් වේගයෙන් වර්ධනය වෙනවා. අපට විසඳුම්, අධ්‍යාපනය, බුද්ධිමත් ප්‍රතිපත්ති සහ තාක්ෂණික ප්‍රවේශයන් සියල්ල එකට වැඩ කිරීමේ එකතුවක් අවශ්‍ය වනු ඇත. මම බලාපොරොත්තු අත්හැරීමට සූදානම් නැහැ."

*තෝමස් ජර්මේන් යනු බීබීසීහි තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහු දශකයකට වැඩි කාලයක් තිස්සේ AI, රහස්‍යභාවය සහ ඉන්ටර්නෙට් සංස්කෘතියේ ගැඹුරු කරුණු ආවරණය කර ඇත.