ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍ර���යා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.
දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.
සිදුවූ හානිය
පසුගිය දිනවල වැඩි ම බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාත්මකව ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශවල වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන් මහනුවර සහ ගම්පොළ අවට ප්‍රදේශවල නායයාම් ගණනාවක් වාර්තා වී ඇති අතර, නොවැම්බර් 30 වන විටත් තවදුරටත් එම ප්‍රදේශවල පුද්ගලයන් අවතැන් වෙමින් පවතින බව එම සංවිධානය නිරීක්ෂණය කර තිබේ.
දැනට වසා දමා තිබූ ප්‍රධාන මාර්ග කිහිපයක ප්‍රවේශයන් නැවත යථා තත්ත්වයට පත් කර ඇතත්, තවමත් බරපතළ ලෙස යටිතල පහසුකම් අර්බුදයක් පවතින බව වාර්තාවේ සඳහන් ය.
එහි පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ගංවතුර, නායයාම් සහ හානි වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ග අලුත්වැඩියාවට බාධා ඇති වී තිබෙන බව වත්මන් තොරතුරුවලින් පෙනී යන බව ය.
රජයේ මැදිහත්වීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ මෙම වාර්තාවේ, මෙම ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ.
සිදුවිය හැකි ප්‍රමාදයන් මග හරවා ගනිමින් රජය ක්ෂණික සහන සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති අතර, අතිරේක ඇස්තමේන්තුවක් හරහා තවදුරටත් ආධාර ලබා දීමට නියමිත බව ඔවුන් වාර්තාවේ දක්වා තිබේ.
එමෙන් ම අත්‍යවශ්‍ය සේවාවන් සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සිදුවෙමින් පවතින බවත්, ජීවනෝපාය සහ කර්මාන්ත නැවත ගොඩනැගීමට අදාළ කටයුතු ද සිදුවෙමින් පවතින බව ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගලවාගැනීමේ මෙහෙයුම් සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසියේ ��හය ඇතිව සිදු කරන අතරතුර, පිසූ ආහාර, වියළි සලාක, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු හදිසි ආධාර රජය, සිවිල් සමාජ සංවිධාන, දේශපාලන ආයතන, මාධ්‍ය සහ පෞද්ගලික අංශය විසින් මහජනතාවගේ නොමසුරු සහයෝගය සහිතව බෙදා හරින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ඇති විය හැකි ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තාවකාලික බාධාවන් නොතකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා පවතින බවට රජය මහ ජනතාවට සහතික වී ඇති බවත්, පාරිභෝගික භාණ්ඩ මිල කෘතිමව ඉහළ නංවන වෙළෙඳුන්ට එරෙහිව පැමිණිලි සඳහා වෙළෙඳ අමාත්‍යාංශය දුරකතන අංක ලබා දී ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
මීට අමතරව, බලපෑමට ලක්වූ නිවාස සඳහා රු. 10,000ක ප්‍රදානයක් ද රජය සිදු කරයි.
හදිසි නීති විධිවිධාන
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හදිසි නීති රෙගුලාසි යටතේ, සංසරණය වන වැරදි තොරතුරු සහ වෛරී කතා මැඩපැවැත්වීම සඳහා විධිවිධාන හඳුන්වා දී ඇති නමුත්, එම රෙගුලාසි අනිසි ලෙස භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් මතු කරන ලද කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින්, මෙම හදිසි පියවර භාවිතා කරනු ලබන්නේ සහන කටයුතු වඩා හොඳින් සම්බන්ධීකරණය කිරීම සඳහා පමණක් බව ජනාධිපතිවරයා නැවත අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අරමුදල් කළමනාකරණය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා රජයේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් රජය විසින් පත් කර ඇති බව ද වාර්තාවේ සඳහන් ය.
සහන මෙහෙයුම් සඳහා මූල්‍ය දායකත්වයන් රැස් කිරීමට රජය විසින් නිල පරිත්‍යාග රස කිරීමේ ක්‍රමවේදයක් නිවේදනය කර ඇති අතර, සහන භාණ්ඩ ඉක්මනින් සැකසීම සහතික කිරීම සඳහා වේගවත් නිෂ්කාශන යාන්ත්‍රණයක් ද රජය විසින් හඳුන්වා දී ඇති බව එහි දැක්වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා නම් කරන ලද පරිත්‍යාග රේගු බදු සහ අගය එකතු කළ බද්දෙන් නිදහස් කර ඇති බව එක්සත් ජාතින් නිරීක්ෂණය කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග කටයුතු කරමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.














