ස්ම්‍රිති මන්දානා නිහඬතාව බිඳිමින් 'විවාහය දෙදරා යාම' පිළිබඳව හෙළි කරයි; ඇය පැවසුවේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී මරාති සේවය
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දානාගේ විවාහය සම්බන්��යෙන් පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඉන් අනතුරුව පළමු වරට ස්ම්‍රිති මන්දානා ඒ සම්බන්ධ ඇගේ හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.
සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන පලාෂ් මුච්චල් සමඟ ඇගේ විවාහය බිඳ වැටී ඇති බව ස්ම්‍රිති එමඟින් දැනුම් දී තිබේ.
ස්ම්‍රිති පැවසුවේ කුමක්ද?
පසුගිය සති කිහිපයේ සිදුවූ සිදුවීම් පිළිබඳව ඇගේ අදහස් ප්‍රකාශ කරමින් ස්ම්‍රිති මන්දානා පසුගිය ඉරිදා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ස්ටෝරියක් පළ කර ත��බේ.
ස්ම්‍රිති මන්දානා එහි මෙලෙස සටහන් කළාය, "පසුගිය සති කිහිපය තුළ මගේ පෞද්ගලික ජීවිතය ගැන බොහෝ දේවල් කියවිලා තිබුණ නිසා ඒ ගැන කතා කිරීම වැදගත් කියල මම හිතනවා. මම පෞද්ගලිකත්වය ප්‍රිය කරන කෙනෙක් ඒ නිසා මට ඒ විදියට ම ඉන්න ඕනි. හැබැයි විවාහය දැන් අවසන් බව පැහැදිලි වෙන්න ඕනි."
"මට මේක මෙතනින් නවත්තන්න ඕනි ඔයාලත් එහෙම කරනවනම් මම කැමතියි. කරුණාකරලා පවුල් දෙකේම පෞද්ගලිකත්වයට ගරු කරලා අපිට අපේ පාඩුවේ මේ මොහොත පහු කරගන්න කාලය දෙන්න."
"මම හිතනවා අපි හැමෝම ලොකු ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වෙනවා කියලා, මගේ ඒ ඉලක්කය වෙන්නේ ඉහළම මට්ටමින් මගේ රට නියෝජනය කිරීම. මට හැකි තාක් කල් ක්‍රීඩා කරලා මගේ රට වෙනුවෙන් කුසලාන දිනා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකට තමයි මගේ සම්පුර්ණ අවධානය." යනුවෙන් එහි සඳහන් කොට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්ම්‍රිති සමඟ විවාහය බිඳ වැටීමෙන් අනතුරුව පලාෂ්ගේ ප්‍රතිචාරය
සංගීතවේදී පලාෂ් මුච්චල් ඔවුන්ගේ විවාහය දෙදරා යාම පිළිබඳ කටකතා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පවසා තිබේ.
''මම තීරණය කරලා තියෙනවා මගේ ජීවිතයේ ඉස්සරහට යන්න වගේ ම මගේ පෞද්ගලික සම්බන්ධතාවයෙන් වෙන් වෙන්නත්''
"මට වටින ම දෙයක් ගැන පළවෙන පදනම් විරහිත කටකතාවලට මිනිස්සු ඉතා ලේසියෙන් ප්‍රතිචාර දක්වන හැටි දකින එක හරිම අමාරු දෙයක්''
''මේක මගේ ජීවිතයේ ඉතාම දුෂ්කර කාලයක්, මගේ ප්‍රතිපත්තිවලට අවංකව ඉදලා මම මේ තත්ත්වය ජය ගන්නවා. මම හිතනවා සමාජයක් හැටියට අනිත් අය ගැන මත විනිශ්චය කරන්න කලින් පොඩ්ඩක් නැවතිලා හිතන්න අපි ඉගෙන ගනීවි කියලා. මොකද අපේ වචනවලින් හිතා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්."
"අපි මේ ගැන නැවත නැවත කථා කරන්න කරන්න , බොහෝ දෙනෙක් ඒකේ ප්‍රතිවිපාක අත්විඳිනවා. ඒ වගේ අපහාසාත්මක තොරතුරු පතුරුවන අයට එරෙහිව මගේ කණ්ඩායම නීතිමය පියවර ගනීවි. මෙම දුෂ්කර කාලය තුළ දී මා එක්ක හිටිය හැමෝට ම ස්තුතියි." යනුවෙන් ඔහු සඳහන් කොට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Instagram/Palash Muchhal & Facebook/Smriti Mandhana
විවාහය දවසේදී මොකද වුණේ?
ස්ම්‍රිති මන්දානා සහ පලාෂ් මුච්චල්ගේ විවාහ උත්සවය තාවකාලිකව අවලංගු කර ඇති බවට වන පුවත විවාහ දිනයේදී හදිසියේම නිවේදනය කර තිබිණි.
එහිදී පැවසුණේ ස්ම්‍රිති මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානාගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීමෙන් පසුව මෙම තීරණයට එළඹි බවයි.
සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුච්චල් සහ ස්ම්‍රිතිගේ විවාහය නොවැම්බර් 23 වන දින පස්වරු 4:30 ට සිදු කිරීමට නියමිතව තිබිණි. සංග්ලි හි සැම්ඩෝල් හි මන්දානා ෆාම් හවුස් හිදී විවාහය සිදුකිරීමට කටයුතු සිදුකෙරෙමින් පැවතිණි. ඒ අතරතුර ඇගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහිණි.
අනතුරුව, විවාහ උත්සවය සැලසුම් කිරීම භාරව සිටි ටොහින් මිශ්‍රා, විවාහ උත්සවය තාවකාලිකව අවලංගු කර ඇති බව දැනුම් දුන්නේය.
මන්දානා කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ කැපීපෙනෙන දක්ෂතා
ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය වන ස්ම්‍රිති මන්දානා මෑතකදී ජයග්‍රහණය ලැබූ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වූවාය.
වසරක් තුළ එක්දින ලකුණු 1000ක් රැස් කළ පළමු කාන්තා පිතිකාරිනිය බවට ස්ම්‍රිතී පත්විය.
ස්ම්‍රිති මන්දානා විශාකාපට්නම්හි පැවති කාන්තා ලෝක කුසලාන තරගයේදී ලකුණු 80ක් රැස් කළ අතර එහිදී මෙම වාර්තාවට හිමිකම් කීවාය.
ඕස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක්ගේ ලකුණු 907ක වාර්තාව ස්ම්‍රිති බිඳ දැමුවාය. මේ සමඟ, ස්ම්‍රිති එක්දින තරගවලදී ලකුණු 5000ක් රැස් කළ පස්වන සහ ළාබාලතම පිතිකාරිණිය බවට ද පත්වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සොහොයුරාගෙන් ලද ආභාෂය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇය ක්‍රීඩාවට අවතීර්ණ වූයේ ඇගේ සහෝදරයා ක්‍රිකට් ක්‍රීඩා කිරීම නිසාය. ඇය සිතුවේ ඇගේ සහෝදරයා කරන දේ ඇය ද සිදු කළ යුතු බවයි.
ඇය කොතරම් කුඩා අවදියේදී ක්‍රිකට් ක්‍රීඩා කළේද යත් එවකට ඇගේ ප්‍රමාණයේ ක්‍රිකට් ඇඳුම් පවා නොතිබිණි.
ඇගේ මව ඇගේ සහෝදරයාගේ ක්‍රිකට් නිල ඇඳුමෙන් ඇයට ම වෙන්වූ ඇඳුම් සකස් කළාය. මෙලෙස සකසන ලද නිල ඇඳුම ඇඳගනිමින් ඇය පිතිකරණයට පැමිණි තිබේ.
ඇගේ සහෝදරයා පුහුණුවීම් කරන විට ඇයට පන්දුවට පහර දීමට හැකි විය. දෙදෙනාටම එක ම පිතිකරණ ඉරියව්වක් තිබිණි. ඇගේ උපන් මුම්බායි හිදී ආරම්භ වූ මෙම ඇබ්බැහිවීම, මන්දානා පවුල සංග්ලි හි පදිංචියට පැමිණි විටදී පවා පැවතිණි.
මුලදී, ඇය කණ්ඩායමේ දුර්වල ම ක්‍රීඩිකාව ලෙස සැලකුණි. නමුත් ක්‍රිකට් සඳහා ඇයට ඇති ආශාව සහජයෙන්ම පවතින්නක් නොවන බව ඇගේ මව්පියෝ වටහා ගත්හ. අනතුරුව ඇය අනෙක් ගැහැනු ළමුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කළාය.
ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩාවක් පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා, ඇගේ පියා ඇයව මීරට් හි පැවති 19 න් පහළ තරඟාවලියට රැගෙන ගිය අතර වැඩිහිටි ගැහැනු ළමුන් ක්‍රිකට් ක්‍රීඩා කරන අනතුරු දායක ස්වභාවය දැකීමෙන් පසු ඇය එය අතහැර දමනු ඇතැයි ඇගේ මව්පියන් කනස්සල්ලට පත් විය.
නමුත් සිදුවූයේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. ක්‍රිකට් සඳහා පැවැති ඇගේ ආශාව තවත් වර්ධනය විය. ඇගේ අධ්‍යාපන කටයුතු සමඟ ම, වෘත්තීයමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවක් වීමේ ඇගේ ගමන ආරම්භ විය.
ඇය එකොළොස්වන වියේ පසුවෙද්දී මහාරාෂ්ට්‍ර 19 න් පහළ කණ්ඩායමට තේරී පත් වූවාය. කෙසේ වෙතත්, අවසන් එකොළොස් දෙනා අතරට ක්‍රීඩා කරන තෙක් බලා සිටීමට ඇයට වසර දෙකක් ගත විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය. නමුත් එම අවස්ථාවේදී, ඇයට විකල්ප දෙකක් හිමිව තිබිණි. ඒ විද්‍යාවෙන් හෝ ක්‍රිකට් ක්ෂේත්‍රයෙනි. ඇය විද්‍යාව වෙත යොමු වුවහොත් ක්‍රිකට් සඳහා කාලය නොමැති වන බව ඇගේ මව දැන සිටියාය. ස්ම්‍රිති ක්‍රිකට් තෝරා ගත් අතර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ළාබාල තරුවක් හිමිවිය.
එම වසරේදීම බරෝඩා හි පැවති කාන්තා අන්තර් ප්‍රාන්ත 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ස්ම්‍රිති ගුජරාට් කණ්ඩායමට එරෙහිව ලකුණු 224 ක් රැස් කරමින් දිගු ඉනිමක් ක්‍රීඩා කළාය.
මෙම ඉනිම ස්ම්‍රිතිගේ නාමය ක්‍රිකට් කවයන් තුළ ඇයව බැබළවීමට සමත්විය. තවත් තරගාවලි දෙකක දී එම ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගෙන යමින්, ස්ම්‍රිතී චැලෙන්ජර් කුසලානය සඳහා කණ්ඩායමේ ස්ථානයක් ලබා ගත්තාය.
සමකාලීන ක්‍රීඩිකාවන් විශාල නගරවල පහසුකම් සහිත හොඳ ක්‍රීඩා පිටිවල පුහුණුවීම් කරමින් සිටින අතරතුර ස්ම්‍රිතී, ආනන්ට් තම්බවේකර්ගේ මඟ පෙන්වීම යටතේ සංග්ලි හි කොන්ක්‍රීට් තණතීරුවක පුහුණුවීම් කරමින් සිටියාය.
උදෑසන පුහුණුවීම්, පසුව පාසල සහ පස්වරුවේ නැවත පුහුණුවීම්, එය ස්ම්‍රිති ඇගේ පාසල් කාලය තුළ ගත කළ විනයගරුක ජීවිතයයි.
මේ සියලු උත්සහ කිරීම්වල ප්‍රතිඵලය වූයේ 2013 දී ඇය පළමුවරට ඉන්දීය කණ්ඩායමට තේරී පත්වීමයි.
2014 දී, ඇය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා T20 ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායමට තේරී පත් වූවාය. මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ස්ම්‍රිතීට ඇගේ 12 වන ශ්‍රේණියේ විභාග මඟ හැරීමට සිදුවූවාය.
ලෝක කුසලානයෙන් අනතුරුව එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව සිටි නිසා ස්ම්‍රිතීට සම්පූර්ණ වසරක අධ්‍යයන කටයුතු අහිමි විය. හෝටල් කළමනාකරණ පාඨමාලාව ගැන ඇය උනන්දුවක් දැක්වූ නමුත්,ඇගේ එංගලන්ත සංචාරයේදී වෘත්තීය ජීවිතය සඳහා අඩිතාලම දමා ගත්තාය.
එංගලන්ත සංචාරය අතරතුර ඉන්දීය කාන්තා කණ්ඩායම ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ අතර ඉන්දීය කාන්තා කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්කර ගත්තේ වසර අටකට පසුවය. මෙම ටෙස්ට් තරගයේදී ස්ම්‍රිතී අර්ධ ශතකයක් ලබා ගනිමින් යම් දක්ෂතාවයක් පෙන්නුම් කළාය.
වසර දෙකකට පසුව, ඕස්ට්‍රේලියානු සංචාරයේදී, ස්ම්‍රිති මන්දානා හොබාර්ට්හිදී දැකුම්කලු ශතකයක් ලබා ගත්තාය. 2017 ලෝක කුසලානයට පෙර, දණහිසේ ආබාධයක් හේතුවෙන් ස්ම්‍රිති මාස පහක කලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියාය. ඇයට ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට හැකි වේදැයි සැකයක් මතුවිය.
භෞත චිකිත්සකවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ, ඇය නැවත ක්‍රීඩාවට යොමුවීම සඳහා වෙහෙස වී වැඩ කළාය. කෙසේ වෙතත්, ඇයට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සහ තරග හතරකින් යුත් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.
ලෝක කුසලානය වැනි විශාල තරගාවලියකදී, ශක්තිමත් කණ්ඩායමකට එරෙහිව මුහුණට මුහුණ තරග කිරීම සඳහා ස්ම්‍රිති මන්දානා ධෛර්යය පෙන්නුම් කළාය. පළමු තරගයේදීම, සත්කාරක එංගලන්තයට එරෙහිව ස්ම්‍රිති ලකුණු 90 ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළාය.
දින පහකට පසුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ස්ම්‍රිති ලකුණු 106ක් රැස් කළාය. ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණිය ද, ඔවුන්ට ශූරතාව මග හැරිණි. මෙම තරගාවලියේදී ස්ම්‍රිති දැක්වූ දස්කම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇගේ ස්ථානය ස්ථිර ලෙස තහවුරු කරනු ලැබීය.
ආපසු ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව ස්ම්‍රිති ඇතුළු ඉන්දීය කාන්තා කණ්ඩායමට ඔවුන්ගේ දස්කම් සඳහා නිසි ප්‍රශංසාව හිමිවිය. මෙම තරගාවලිය අතරතුර රූපවාහිනිය ඔස්සේ කාන්තා ක්‍රිකට් තරග නැරඹීමට උද්යෝගයක් ඇති විය.
පසුගිය වසරේදී සිදු කළ දකුණු අප්‍රිකානු සංචාරයේදී අර්ධ ශතකයක් සහ ශතකයක් ලබා ගනිමින් ස්ම්‍රිතී තමාව ම සනාථ කර ගත්තාය. පන්දුව ඉතා වේගයකින් පැමිණි අතර දකුණු අප්‍රිකාවේ තණතීරුවලදී බවුන්ස්වීමකට ලක් විය.
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ප්‍රමුඛ කණ්ඩායම්වලට එරෙහිව ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලියේදී ස්ම්‍රිති මන්දානා විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වුවාය.
ස්ථාවරව ක්‍රීඩා කිරීමෙන් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ස්ථාපිත වූ ස්ම්‍රිති, ක්‍රමානුකූලව විස්සයි20 කණ්ඩායමේ අත්‍යවශම කෙනෙකු බවට පත්වූවාය.
ස්ම්‍රිති ක්‍රිකට් ගැන අවබෝධකර ගැනීමට පටන් ගත් විට, ඇයට ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් මෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූවාය.
ක්‍රිකට් ක්‍රීඩාව තුළ හැදී වැඩුණු විට ඇගේ සිහිනය හේඩ්න් වෙනුවට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර බවට පත් විය. සංගක්කාරගේ ක්‍රීඩාව තුළ තිබූ ආක්‍රමණශීලීත්වය සහ සියුම් බව ස්ම්‍රිතිගේ පිතිකරණයෙන් දක්නට හැකි වූයේ එබැවින් විය හැක.
ජාත්‍යන්තර තරග සංචාර අතරතුර, ස්ම්‍රිතිට සංගක්කාර හමුවීමට අවස්ථාවක් හිමිවිය. ස්ම්‍රිති ට්විටර් ඔස්සේ සංගක්කාර සමඟ පෙනී සිටින ඡායාරූපයක් පළ කළාය.
ප්‍රබල ප්‍රහාර සහ වේගයෙන් ලකුණු රැස් කරන වමත් පිතිකාරිනියක් වීම ස්ම්‍රිතිගේ ක්‍රීඩා විලාශයේ ලක්ෂණ වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මිතාලි රාජ් සහ ජූලාන් ගොස්වාමි ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයන් වේ. පන්දුවට පහර දීමට යාමට පෙර නිහඬව පොතක් කියවමින් වාඩි වී සිටින මිතාලි, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම පිතිකාරිණියකි.
අනෙක් අතට, උසින් වැඩි ජූලාන් ඇගේ විනිවිද පෙනෙන පන්දු යැවීමෙන් දක්ෂ පිතිකාරිණියන් දවාගෙන ඇත. පසුගිය වසර තුන තුළ, මිතාලි සහ ජූලාන් විසින් ලබා දුන් ගිනිසිළුව හර්මන්ප්‍රීත් සිං සහ ස්ම්‍රිතී මන්දානා විසින් මනාව රැගෙනවිත් තිබේ. මෙම වසරේදී, ස්ම්‍රිතී ගෞරවනීය අර්ජුන සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ස්ම්‍රිතිගේ ක්‍රීඩාවේ ස්ථාවරත්වය පිළිබඳ සැලකිල්ලක් දක්වමින් ඕස්ට්‍රේලියාවේ පැවති බිග් බෑෂ් ලීග් තරගාවලියේදී Brisbane Heat කණ්ඩායම ඇයව ඔවුන්ගේ සංචිතයට ඇතුළත් කර ගනු ලැබීය.
IPL තරගාවලියට සමගාමීව එංගලන්තයේ පැවති Kia Super League තරඟාවලියේදී Western Storm කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතරතුර ස්ම්‍රිති විස්මය උපදවන ඉනිම කිහිපයක් ක්‍රීඩා කර තිබේ.
තරග සඳහා රට පුරා සහ විදේශ රටවල සංචාරය කරන ස්ම්‍රිති, සංග්ලි සමඟ ඇති සම්බන්ධය අහිමි කර නොගත්තාය.
ඇය සංග්ලි හි ප්‍රකට Sambha Bhel සඳහා රුචිකත්වයක් දක්වයි. ඇය චීස් සුදුළූණු පාන් සහ වඩා පාව් වලටද කැමැත්තක් දක්වයි, නමුත් ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට සිදුවන බැවින් ඇයට දැඩි ආහාර පාලන සීමා අනුගමනය කිරීමට සිදුවේ. ඇය බොහෝසෙයින් MasterChef Australia වැඩසටහන නරඹන්නීය.
පිතිකරණ තාක්ෂණයෙන් පිරුණු සහ සිය ක්‍රීඩා දිවියෙන් පසු තරුණ ක්‍රීඩකයින් රැසක් දායාද කළ පුහුණුකරුවෙකු වන රාහුල් ඩ්‍රාවිඩ් විසින් අත්සන් කරන ලද පිත්තක් ස්ම්‍රිතිගේ ක්‍රීඩා භාණ්ඩවල කොටසක් බවට පත්විය.
ස්ම්‍රිතිගේ සොහොයුරාට ඩ්‍රාවිඩ් හමුවීමට අවස්ථාවක් හිමිවූයේය. සිහිවටනයක් ලෙස, ඔහු ඩ්‍රාවිඩ් ලවා තම සහෝදරිය වෙනුවෙන් පිත්තට අත්සන් ගත්තේය. ස්ම්‍රිති මෙම පිත්තෙන් ද්විත්ව ශතකයක් රැස් කළාය. ස්ම්‍රිති මීළඟ වසර කිහිපය තුළ මෙම පිත්තෙන් ක්‍රීඩා කළාය. අවස්ථා හතරකදී අලුත්වැඩියා කර ඇති මෙම පිත්ත දැන් ඇගේ මතකයක් ලෙස ස්ම්‍රිතිගේ නිවසේ පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2018 අවසානයේදී ඇය, ස්ම්‍රිති මන්දානා, ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා තෝරා ගත්තාය.
වසර පුරා ම දැක්වූ ඇයගේ නොවෙනස් වූ දක්ෂතා වෙනුවෙන් ඇයට වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමි විය. ICC ය විසින් තෝරාගනු ලැබූ එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් සඳහා ද ස්ම්‍රිති මන්දානා ඇතුළත් විය.
ඇගේ දෙමාපියන් පවසන්නේ සහෝදරයා ක්‍රිකට් ක්‍රීඩා කරන බවත්, ඔහුගේ ඡායාරූප පුවත්පත්වල පළ වන බවටත් ස්ම්‍රිති මන්දානා පැමිණිලි කළ බවයි. ගතවූ වසර කිහිපය තුළ, පුවත්පත්වල තීරු පිරී පැවතියේ ස්ම්‍රිති පිළිබඳ පුවත් වලිනි.
ස්ම්‍රිතිට අවශ්‍ය වන්නේ නොවෙනස් දක්ෂතා පෙන්නුම් කරමින් ජාත්‍යන්තර මට්ටමින් සලකුණක් තැබීමට බව ඇගේ පියා ශ්‍රීනිවාස් බීබීසීය වෙත අදහස් දක්වමින් පැවසීය. ස්ම්‍රිති ICC සම්මානය සඳහා තෝරා ගත් විට එය ඉතා ආශ්වාද ජනක අවස්ථාවක් විය. ස්ම්‍රිති මන්දානා ගේ මව පැවසුවේ ඇය මේ ආකාරයට ම ක්‍රීඩා කර රටට ලෝක කුසලානය දිනා දිය යුතු බව යි.
සොහොයුරෙකු ලෙස ඇය ගැන ආඩම්බර වන බව ස්ම්‍රිතිගේ සහෝදරයා වන ශ්‍රාවන් පැවසීය.
තම සහෝදරයා දෙස බලා සිටිමින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ස්ම්‍රිති වේගවත් ගමනක නිරත වී සිටින්නීය. මේ අතර සදාකාලිකව මතකයේ රැඳෙන වෘත්තිය දිවියක් ගොඩනැගීම සඳහා ස්ම්‍රිතීට ස්වර්ණමය අවස්ථාවක් හිමිව තිබේ.














