ජීවිත 12ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය
ජීවිත 12ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය
මා ඔය පිටාර ගැලීමත් සමග පන්නල - මාකදුර, නාලවලාන ප්‍රදේශයේ පිහිටි 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ එක් වැඩිහිටි නිවාසයක සිටි වයස අවුරුදු 70- 90 ත් අතර වැඩිහිටියන් 12 දෙනෙකු ජල ගැල්මට හසුවී මරණයට පත් වී තිබේ.
ඉකුත් 28 වන දා රාත්‍රියේදී ඔවුන් මෙම අනතුරට ගොදුරුවූ අවස්ථාවේ එහි සිරවී සිටි වැඩිහිටියන් බේරා ගැනීමට සහ මළ සිරුරු ඉවත් කර ගැනීම සඳහා දායක වූ සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙකු බීබීසී වෙත සිය අත්දැකීම් විස්තර කළේ ය. ඔහු කියා සිටියේ, ඔවුන් බේරා ගැනීම සඳහා තමන්ට කළ හැකි සියලු දේ කළ අතර අදාළ වැඩිහිටි නිවාසය ජලයෙන් යටවන මොහොතේ එහි කිසිදු භාරකරුවෙකු හෝ ආරක්ෂක නිලධාරියෙකු එහි නොසිටි බවයි.
මෙම වැඩිහිටි නිවාසය 1980 ශ්‍රී ලංකා පවුල් ආධාර වැඩසටහන සහ 1996 නෙදර්ලන්ත වෙල්කම් ගම්මානයේ නිර්මාතෘ හර්මන් තියඩෝර්ස් ස්ටවර් විසින් ඉදිකර පවත්වාගෙන යනු ලැබිණි.









