චෝදනාවට ලක්වූ විශ්ව රූ රැජිණ තරගාවලියෙන් විනිසුරුවන් දෙදෙනෙක් ඉවත් වෙති: තරගය දූෂිත බවට විනිසුරුවරයෙකුගෙන් චෝදනා

2025 විශ්ව රූ රැජිණ සම්ප්‍රදායික ඇඳුම් තරග වටය අතරතුර ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලිහාෂා වයිට් තේ පෝච්චියක හැඩයට සැකසූ ඇඳුමක් හැඳ වේදිකාවට පිවිසි ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 විශ්ව රූ රැජිණ සම්ප්‍රදායික ඇඳුම් තරග වටය අතරතුර ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලිහාෂා වයිට් තේ පෝච්චියක හැඩයට සැකසූ ඇඳුමක් හැඳ වේදිකාවට පිවිසි ආකාරය
    • Author, කෙලී නැග්
    • Role, බීබීසී

වාර්ෂික රූ රැජිණ තරගයට දින කිහිපයකට පෙර විශ්ව රූ රැජිණ තරගයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී ඇති අතර, සංවිධායකයින් විසින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී වංචා කරනු ලැබූ බවට එක් විනිසුරුවරයෙකු චෝදනා කර තිබේ.

අට දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාව��න් ඉල්ලා අස් වන බවට ඉන්ස්ටර්ග්‍රෑම්හි නිවේදනය කළ ලෙබනන්-ප්‍රංශ සම්භවයක් සහිත සංගීතඥයෙකු වන ඕමාර් හාර්ෆවුෂ්, සිකුරාදා (නොවැ: 21) තායිලන්තයේ පැවැත්වීමට නියමිත තරගයට පෙර "නිල නොවන ජූරි සභාවක්" අවසන් තරගකාරියන් තෝරාගෙන තිබූ බවට චෝදනා කළේ ය.

පැය කිහිපයකට පසුව, ප්‍රංශයේ පාපන්දු කළමනාකරු ක්ලෝජා මැකිලිලී ද "අනපේක්ෂිත පෞද්ගලික හේතු" මත බව පවසමින් ජූරි සභාවෙන් ඉවත් වන බව නිවේදනය කළේ ය.

විශ්ව රූ රැජිණ තරගාවලියේ සත්කාරක රට වන තායිලන්තයේ නිලධාරියෙකු විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් හේතුවෙන් විශ්ව රූ රැජිණ තරගකාරියන් කිහිප දෙනෙකු තරගාවලියට පෙර පැවති උත්සවයකින් ඉවත්ව ගොස් සති දෙකකට පසුව මෙම ඉල්ලා අස්වීම් සිදුවිය.

"මා ඇතුළු සැබෑ ජූරි සභිකයින් [අට දෙනාගෙන්] කිසිවෙකුගේ සහභාගීත්වයෙන් තොරව, සහභාගී වන රටවල් 136න් අවසන් තරගකාරියන් 30 දෙනෙකු තෝරා ගැනීම සඳහා හදිසියේ වෙනත් ජූරි සභාවක් පිහිටුවා තියෙනවා," හර්ෆූෂ් අඟහරුවාදා [නොවැම්බර් 18] ඉන්ස්ටග්‍රෑම්හි සටහන් කර තිබුණේ, සමාජ මාධ්‍ය හරහා තමා ඒ බව දැන ගත් බව පවසමිනි.

නිල නොවන ජූරි සභාව සමන්විත වන්නේ, "විශ්ව රූ රැජිණ තරගකාරියන් කිහිප දෙනෙකු සමග ඇති පෞද්ගලික සබඳතා හේතුවෙන් සැලකිය යුතු ආකාරයකට ස්වාධීනව කටයුතු කළ නොහැකි අය," බවට ඔහු චෝදනා කළේ ය.

මෙම "හදිසියේ පත් කළ ජූරි සභාව" ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න හෝ එය නිල විනිසුරුවන්ගේ තීරණ අවලංගු කරන්නේ කෙසේ ද? යන්න හාර්ෆවුෂ් පැහැදිලි කළේ නැත.

හාර්ෆවුෂ් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අඟහරුවාදා [නොවැම්බර් 18] විශ්ව රූ රැජිණ සංවිධානය පැවසුවේ, "නියෝජිතයින් අගැයීමට හෝ අවසන් තරගකරුවන් තෝරා ගැනීමට කිසිදු බාහිර කණ්ඩායමකට අවසර දී නොමැති," බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එය යෝජනා කළේ, හාර්ෆවුෂ් බොහෝවිට Beyond the Crown වැඩසටහන ගැන කතා කරමින් සිටින බව ය: එය විශ්ව රූ රැජිණ තරගයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන "සමාජ බලපෑම් ඇති කිරීමේ මුලපිරීමක්" වන අතර එයට වෙන ම තේරීම් කමිටුවක් ඇත.

විශ්ව රූ රැජිණ සංවිධානය සඳුදා [නොවැ: 17] Beyond the Crown තේරීම් කමිටුව නිවේදනය කළේ ය. අඟහරුවාදා නිකුත් කළ නිවේදනයේ එම සංවිධානය කියා සිටියේ, හාර්ෆවුෂ්ගේ චෝදනා හරහා වැඩසටහන "වැරදි ලෙස අර්ථකථනය කර" ඇති බව ය.

ඉන්ස්ටග්‍රෑම් හරහා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ මැකිලිලී එය "අමාරු තීරණයක්" බව සඳහන් කර තිබිණි.

"මම විශ්ව රූ රැජිණ [තරගයට] ඉහළ ම ගෞරවයෙන් සලකනවා. මේ වේදිකාව, බලගැන්වීම, විවිධත්වය සහ විශිෂ්ටත්වය නියෝජනය කරනවා. ඒවා මගේ වෘත්තීය ජීවිතය පුරා ම මම සැමවිට ම ආරක්ෂා කළ වටිනාකම්," ඔහු ලිවීය.

මෙම මස මුලදී තායිලන්ත රූ රැජිණ අධ්‍යක්ෂ නවාත් ඉට්සරග්‍රීසිල්, තරගාවලියට පෙර පැවති උත්සවයකදී මෙක්සිකෝ රූ රැජිණ ෆැටීමා බොෂ්ගේ සමාජ මාධ්‍ය වේදිකාවල වැඩසටහනේ ප්‍රවර්ධන අන්තර්ගතයන් පළ නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදීමෙන් පසු, මෙම රූ රැජිණ තරගයට දැඩි ප්‍රතිචාර එල්ල විය.

එතැන් සිට වයිරල් වූ වීඩියෝවල, බොෂ් ​​සහ තවත් තරගකාරියන් කිහිප දෙනෙකු උත්සවයෙන් ඉවත්ව යන අයුරු දැක ගත හැකි වූ අතර, ඇතැමුන් නවාත්හට දෝෂාරෝපණය ආකාරය ඇසිණි.

පසුව නවාත් කියා සිටියේ, ඔහු භාවිත කළ ඇතැම් වචන වරදවා වටහාගෙන ඇති බව ය. නමුත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විශ්ව රූ රැජිණ සංවිධානය දැඩි තරවටු කිරීමක් කළ අතර, එතැන් සිට තරගය මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර විධායක නිලධාරීන් පිරිසක් යවා තිබේ.