ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 න් පහළ දරුවන් සඳහා පැනවූ සමාජ මාධ්‍ය තහනම බලාත්මක වේ: ඇත්තට ම දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ හැකි ද?

A teen wearing a navy shirt looks at the camera, her pink phone partially covering her face

ඡායාරූප මූලාශ්‍රය, BBC/Jessica Hromas

    • Author, ටිෆනි ටර්න්බුල් සහ ජෙසිකා හ්‍රෝමාස්
    • Role, බීබීබී පුවත්, සිඩ්නි

දෙසැම්බර් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16 ට අඩු සීමාවේ පසුවන දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමි නොවේ.

ඒ අනුව සිඩ්නි නුවරට අද මධ්‍යම රාත්‍රිය උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ලොව පළමු සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක විය.

එරට සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ වයස අවුරුදු 16 ට අඩු ළමුන් මිලියන පහක් සහ අවුරුදු 10 ත් 15 ත් අතර වයස් සීමාවේ පසුවන ළමුන් මිලියනයක ප්‍රමාණයක් සිටියි.

නමුත් යොවුන් වියේ දරුවන් අපට වඩා තාක්ෂණය අතින් ගත් කළ පියවරක් ඉදිරියෙන් සිටින බව නොරහසකි.

ළමුන් සඳහා වන ඔස්ට්‍රේලියාවේ "ලෝක ප්‍රමුඛ" සමාජ මාධ්‍ය තහනම අභිබවා යාමට 13 හැවිරිදි ඉසබෙල්ට ගත වුණේ මිනිත්තු පහකටත් අඩු කාලයකි.

බලපෑමට ලක් වූ සමාජ මාධ්‍ය වේදිකා දහයෙන් එකක් වන Snapchat වෙතින් සිදු කරන ලද දැනුම් දීමක් ඇගේ තිරය මත දිස්ව තිබූ අතර ඇයට වයස අවුරුදු 16 ට වැඩි බව ඔප්පු කළ නොහැකි වන්නේ නම් මෙම සතියේදී නීතිය බලාත්මක වන විට ඇයව ඉන් ඉවත් කරන බවට මීට පෙර අනතුරු අගවා තිබිණි.

"මට මගේ අම්මාගේ ඡායාරූපයක් ලැබුණා, මම ඒක කැමරාව ඉස්සරහින් තිබ්බා. ඒකෙන් මට app එක ඇතුළට පුළුවන් වුණා . ඔබේ වයස තහවුරු කිරීම ගැන ස්තූතියි" යනුවෙන් එහි සඳහන් වුණා," ඉසබෙල් පැවසුවාය. "මට අහන්න ලැබුණා එක්කෙනෙක් බියොන්සේගේ මුණත් පාවිච්චි කළා කියලා" ඇය වැඩිදුරටත් පවසයි.

ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ බොහෝ මව්පියන් අතර ජනප්‍රිය ලොව ප්‍රථම ප්‍රතිපත්තිය වන මෙම තහනම මගින් හානිකර අන්තර්ගතයන්ගෙන් සහ සයිබර් හිරිහැර කිරීම සහ අපයෝජන වැනි වෙනත් අවදානම් වලින් දරුවන් ආරක්ෂා කිරීම මෙන් ම ඔවුන්ට වඩා හොඳින් නින්ද ලබා ගැනීමට උපකාර කිරීම සහ ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇති බවයි.

ඉසබෙල්ගේ මව වන මෙල්, තම දියණියට දැඩි අධීක්ෂණයක් යටතේ TikTok සහ Snapchat භාවිතා කිරීමට ඉඩ දී තිබුණ ද, පොරොන්දු වූ පරිදි එම තහනම ඇය වැනි මව්පියන්ට සීමාවන් නැවත නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි ඇය බලාපොරොත්තු තබාගෙන සිටින්නීය.

නමුත් එම බලාපොරොත්තුව සම්බන්ධ විවිධ අදහස් මතුවෙමින් තිබේ. මෙම වැදගත් සැලැස්මේ සාර්ථකත්වය සහ ආරක්ෂාව පිළිබඳව විශේෂඥයින් සහ ළමුන් වඩාත් සැලකිලිමත් ය. ලෝකය එය සමීපව නිරීක්ෂණය කරන අතර ඇතැම් විශාල සමාගම් දැන් කනස්සල්ලට පත්ව සිටිති.

එය බලාත්මක වන්නේ කොහොමද?

A  woman in a brown and white dress sits on a carpeted floor with her teenage daughter, who is holding a pink phone

ඡායාරූප මූලාශ්‍රය, BBC/Jessica Hromas

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමුන් සඳහා වන ඔස්ට්‍රේලියාවේ "ලෝක ප්‍රමුඛ" සමාජ මාධ්‍ය තහනම අභිබවා යාමට 13 හැවිරිදි ඉසබෙල්ට ගත වුණේ මිනිත්තු පහකටත් අඩු කාලයකි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2024 නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්තිය යටතේ, සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් මව්පියන් සහ දරුවන් දඬුවම් සඳහා යටත් නොවේ.

ඒ වෙනුවට, ගිණුම් හිමියන් අවම වශයෙන් වයස අවුරුදු 16 සීමාවේ පසුවන බව සහතික කිරීම සඳහා "සාධාරණ පියවර" ගැනීම සමාජ මාධ්‍ය වේදිකාවල කාර්යයක් වන අතර එසේ නොවන්නේ නම් වඩාත් ම බරපතල උල්ලංඝන සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5 (ඇමරිකානු ඩොලර් මිලියන 33, ස්ටර්ලින් පවුම් මිලියන 25) දක්වා වන දඩයකට මුහුණ දීමට සිදුවිය හැක.

රජය විසින් අරමුදල් සපයන ලද සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන අත්හදා බැලීමක් වයස් සීමාව සහතික කිරීමේ ප්‍රධාන ක්‍රම සොයා බැලූ අතර මෙම වසර මුලදී වාර්තා කරන ලද්දේ ඒවා සියල්ලම තාක්ෂණිකව සිදු කළ හැකි බවයි. නමුත් කිසිවක් ඉතා හොඳින් සැලසුම් කර නොමැති අතර සියල්ලෙහිම යම් යම් අවදානම් තිබිය හැකිය.

හැඳුනුම්පත් භාවිතා කරමින් තහවුරු කිරීම වඩාත් නිවැරදි ප්‍රවේශය වූ නමුත් එමඟින් පරිශීලකයින්ට සංවේදී හා වැදගත් ලේඛන සමාගම් වෙත භාර දෙන ලෙස නියම කරයි.

පරිශීලකයින්ගේ මාර්ගගත ක්‍රියාකාරකම් මත පදනම්ව නිගමනවලට එළඹෙන වයස් අනුමානය සහ මුහුණු විනිශ්චය කරන තාක්‍ෂණය යන දෙකම යෞවනයන් සඳහා විශ්වාසදායක ලෙස යෙදිය හැකි බවට වන නිරවද්‍යතාවය එහි නොතිබිණි.

වාර්තාව මගින් සොයා ගෙන ඇත්තේ වයස් තහවුරු කරගැනීමේ තාක්ෂණයන් විශේෂයෙන් ම තවදුරටත් ඒකාබද්ධ වූ විට "පෞද්ගලික, ශක්තිමත් සහ ඵලදායී" විය හැකි බවයි.

"ඔයා බෝතල් අලෙවි කරන සාප්පුවකට ගිහින් එයාලා ඔයාගේ උඩ ඉඳන් පහළට බලලා 'ම්ම්ම් ඇත්තට ම ඔයාව විශ්වාස නැහැ' යැයි පවසා, ඔයාගෙන් යම් හැඳුනුම්පතක් ඉල්ලුවොත් අන්න මේකත් ඒ වගේ ප්‍රතිපත්තියක්," එක්සත් රාජධානිය පදනම් කරගත් වයස සහතික කිරීමේ යෝජනා ක්‍රමයේ ප්‍රධානියා සහ පරීක්ෂණය මෙහෙයවූ ටෝනි ඇලන් පවසයි.

එහි සොයාගැනීම් ඇත්තට ම මතභේදවලින් තොර වූයේ නැත. හිටපු උපදේශක මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පක්ෂග්‍රාහීත්වය සහ "පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම" පිළිබඳ චෝදනා එල්ල කළහ. අත්හදාබැලීමේදී යොවුන් වියේ පසුවන්නන්ට බාධක මඟ හැරිය හැකි ආකාරය සලකා බැලුවද, ඒවා පරීක්ෂා කිරීම එහි කාර්යය නොවීය.

A group of teenagers look at their phones while leaning against railings. In focus is a blonde girl and a boy with dark curly hair.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්තිය යටතේ, සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් මව්පියන් සහ දරුවන් දඬුවම් සඳහා යටත් නොවේ.

එතැන් සිට සමාජ මාධ්‍ය තුළ තහනමෙන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ගලා ආවේය.

වයස් සහතික කිරීමේ යෝජකයින් තර්ක කරන්නේ මග හැරීම වැළැක්වීමේ තාක්ෂණයන් පවතින බවයි. ඉසබෙල් පවසන පරිදි ඇය භාවිතා කළ බව කියන ඡායාරූපයක් මෙම පරීක්ෂාවන් රැවටීමට සුදුසු නොවේ.

බීබීසී පුවත් සේවය මේ සම්බන්ධයෙන් Snapchat වෙතින් විමසීමක් කළ අතර එහි ප්‍රකාශිකාවක් පැවසුවේ තහනම බලාත්මක කිරීමේ "තාක්ෂණික අභියෝග" පිළිබඳව සමාගම නිරන්තරයෙන් කනස්සල්ල පළ කර ඇති බවයි: "මෙය එවැනි අභියෝගයක්."

"එය අවම කර ගැනීම දිනපතාම වැඩිදියුණු කර ගැනීම සහතික කිරීම සඳහා නිරන්තරයෙන් ක්‍රියාත්මක වන සටනක්," Snapchat වෙනුවෙන් වයස් තක්සේරු කිරීම් සිදු කරන K-ID හි විධායක නිලධාරි ලූක් ඩෙලනි පැවසුවාය.

තම අත්දැකීම් වලින් උද්යෝගිමත්ව සිටින ඉසබෙල් පවසන්නේ තහනම නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවනු ඇති බව ඇයට විශ්වාස බවයි.

"මාව තහනම් කළොත්, මම පාවිච්චි කරන්න වෙන app එකක් හොයා ගන්නම්," ඇය පවසයි.

එය කතා බහ කිරීමට අවශ්‍ය දෙයක් බව ඇයගේ මව වන මෙල් පැහැදිලි කරයි. නමුත් නීතිරීතිවල හිඩැස් නිවැරදි කිරීම සහ ළමුන් නව වේදිකා සොයා යාම අවහිර කිරීම පසෙක තබා සමාජ මාධ්‍ය වේදිකා සහ රීති සාදන්නන් කිසිදා නිම නොවන ක්‍රීඩාවක නිරත වෙතැයි ඇය කනස්සල්ලට පත්ව සිටියි.

සමාජ වේදිකා, තහනම සූක්ෂම ලෙස අඩපණ කිරීමට උත්සාහ කළ හැකි බවට ත්, දඩ මුදල් පැනවීම ඒවා හැසිරවීමට සුළු දිරිගැන්වීමක් ලබා දෙන දෙනු ඇති බවත් පවසන අය අතර 2013 සහ 2017 අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ෆේස්බුක් මෙහෙයවූ ස්ටීවන් ෂීලර් සිටියි.

උදාහරණයක් ලෙස ගතහොත් ෆේස්බුක් ගෝලීය වශයෙන් පැය දෙකකට අඩු කාලයකදී එම මුදල උපයයි.

"ඒක වාහන ගාල් කිරීමේ ටිකට් එකක් වගේ," ඔහු පවසයි.

Mark Zuckerberg, in a suit and grey tie, is seen speaking during a Senate Judiciary Committee

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිණුම් හිමියන් අවම වශයෙන් වයස අවුරුදු 16 සීමාවේ පසුවන බව සහතික කිරීම සඳහා "සාධාරණ පියවර" ගැනීම සමාජ මාධ්‍ය වේදිකාවල කාර්යයක් වන අතර එසේ නොවන්නේ නම් වඩාත් ම බරපතල උල්ලංඝන සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5 (ඇමරිකානු ඩොලර් මිලියන 33, ස්ටර්ලින් පවුම් මිලියන 25) දක්වා වන දඩයකට මුහුණ දීමට සිදුවිය හැක.

එතැනින් නොනැවතී මේ සඳහා වැළැක්විය නොහැකි තරම් නීතිමය අභියෝග ද පවතී. මෙම නීතිය ව්‍යවස්ථා විරෝධී බවත් භයානක බවත් පවසමින් නව යොවුන් වියේ පසුවන්නන් දෙදෙනෙකු දැනටමත් ‍රටේ ඉහළම අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. YouTube සහ Google හි හිමිකාරීත්වය දරන Alphabet ද සිය අභියෝග සලකා බලමින් සිටින බව පෙනෙන්නට තිබේ. මානව හිමිකම් කණ්ඩායම් සහ නීති විශේෂඥයින් කිහිප දෙනෙකු ද විරෝධතා මතු කර ඇත.

කෝපයට පත්ව සිටින ඇතැම් මව්පියන්ට අවශ්‍ය වන්නේ එය නීති විරෝධී යැයි පැවසීමට පමණි. තම දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීමට අයිතියක් ඇතැයි හැඟෙනවාට හෝ එය භාවිත කිරීමට බල කෙරෙනවාට ඔවුන් කැමති නැත.

"සාර්ථක ප්‍රතිපත්තියක් වීමට නම්, එය 100% ක් දරුවන් සමාජ මාධ්‍ය භාවිත නොකරන තැනකට යා යුතු නැතැයි," ඇලන් පවසයි. "එය ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් 80% කට පමණ ඒත්තු ගැන්වුණොත් අනිත් අය ඒක නිකන් ම අනුගමනය කරයි."

එය හානිය අඩු කරනු ඇති ද?

එය කළ හැකිද යන ප්‍රශ්නය පසෙක තබා බොහෝ පිරිසක් තවමත් අසමින් සිටින්නේ: එය කළ යුතු ද? යන්නයි.

පළමුව, මෙම ප්‍රතිපත්තිය ළමයින් තවදුරටත් වෙබ් ගත ව පවතින අඳුරු කොටස්වලට තල්ලු කරන බවට කනස්සල්ලක් පවතී.

නමුත් තහනමෙන් බැහැර කර ඇති gaming site chat rooms රැඩිකලීකරණය සඳහා තෝතැන්නක් විය නොහැකි ද? යැයි ඇතැමෙක් අසති.

දරුවන්ට තවමත් ලොග් වීමකින් තොරව TikTok සහ YouTube වැනි යෙදුම් භාවිත කළ හැක. ඔවුන්ට තේරීම් නොකරන ලද අන්තර්ගත සහ දැන්වීම් දැකිය හැකි නිසා මෙය අවදානම් විය හැක. ඇතැම් සමාජ මාධ්‍ය යෙදුම් ගිණුම් සහිත දරුවන් සඳහා මේවා සීමා කරයි.

විශාල තාක්ෂණික සමාගම් අන්තර්ගතය කළමනාකරණය කරන ආකාරය ගැන බොහෝ දෙනෙක් විවේචනය කරති. නමුත් බොහෝ දෙනෙකු ඔවුහු එය කුඩා සමාගම්වලට වඩා හොඳින් කරන බවට එකඟ වෙති. නිදසුනක් වශයෙන්, වැඩිහිටියෙකු දරුවෙකුට නිරන්තරයෙන් පණිවිඩ යොමු කළහොත් ඔවුන්ට අනතුරු අඟවන පද්ධති ෆේස්බුක් සතුව ඇත.

A teen wearing a navy shirt looks at her phone screen, her pink phone partially covering her face

ඡායාරූප මූලාශ්‍රය, BBC/Jessica Hromas

ඡායාරූප ශීර්ෂ වැකිය, තම අත්දැකීම් වලින් උද්යෝගිමත්ව සිටින ඉසබෙල් පවසන්නේ තහනම නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවනු ඇති බව ඇයට විශ්වාස බවයි.

බොහෝ දෙනෙකු යෝජනා කරන්නේ හානිකර අන්තර්ගතයන් වඩා හොඳින් පාලනය කිරීමට සහ ඇල්ගොරිතම වල බලය සීමා කිරීමට සමාජ මාධ්‍ය වේදිකාවලට බල කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සහ අන්තර්ජාලය හරහා සැබෑ ජීවිතය හැසිරවිය යුතු ආකාරය දරුවන්ට ඉගැන්විය යුතු බවත් ය.

ඔස්ට්‍රේලියානු රජයේ සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් ද බීබීසීයට පැවසුවේ තම රජය ද එවැනිම ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

තහනම දෝෂ රහිත නොවිය හැකි වුව ද, එය ප්‍රයෝජනවත් වනු ඇත.

"මෙය ප්‍රතිකාරයක් නොවේ. එය ප්‍රතිකාර කිරීමේ සැලැස්මක්. ප්‍රතිකාර සැලසුම් සැමවිට ම පරිණාමය වෙනවා." ඇය පවසයි.